මියන්මාරයේ සිරගත කර ඇති මාධ්‍යවේදින් වහා නිදහස් කරන ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය ඉල්ලා සිටිනවා. ඔවුන් නිදහස් කරගැනීම සදහා සිය මැදිහත්වීම අඛන්ඩව සිදුවන බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසනවා.
රොයිටර් පුවත් සේවයට අයත් ගවේෂණාත්මක මාධ්‍යවේදින් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට පසුගිය තුන් වනදා මියන්මාර අධිකරණය නියෝග කළා. ඔවුන් නිදහස් කරන ලෙස ජාත්‍යන්තර සංවිධාන රැසක් මීට පෙර මියන්මාරයෙන් ඉල්ලීම් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මියන්මාර රජය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.