Life+News The Official News Portal of Independent Television Network Ltd

එල්ලංගා වාරි ප්‍රතිසංස්කරණ දීපව්‍යාප්ත රජයේ වැඩසටහන අදින් ඇරඹේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 09:44

එල්ලංගා වාරි ප්‍රතිසංස්කරණ දීපව්‍යාප්ත රජයේ වැඩසටහන අදින් ඇරඹේ

එල්ලංගා වාරි ප්‍රතිසංස්කරණ දීපව්‍යාප්ත රජයේ වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම අද ආරම්භ වනවා. ඒ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අදියර මෙයයි. මහවිලච්චිය, නබඩගස්දිගිලිය වැව අසලින් වැඩසටහන ආරම්භ කෙරෙනවා. මහවිලච්චිය සහ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැව් 17 ක් ප්‍රතිසංස්කරණය කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ඒ අනුව හැලඹවැව, දුනුමඩලාව වැව, දිවුල්වැව, ලේනවැව ආදී වැව් ප්‍රතිසංස්කරණය කෙරෙනු ඇති.

මීට සමගාමීව වැව් ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාකාරකම් රැසක් ආරම්භ වනවා. කෘෂිකාර්මික, ධීවර සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත සංවර්ධනයට අදාළ ව්‍යාපෘති රැසක් ද ක්‍රියාත්මක කෙරෙනවා. වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ දිවයිනේ පළාත් ගණනාවකම මේ වනවිටත් ක්‍රියාත්මකයි.

වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ලම සිදුකරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකායයි. රජ දවස පටන් පැවත එන විශිෂ්ට වාරි ඉංජිනේරු සංකල්පයක් ලෙස එල්ලංගා පද්ධතිය සැලකෙනවා. ඒ තුළින් ග්‍රාමීය වැව්වල වැඩි ජල ප්‍රමාණයක් රඳවා තබා ගැනීමයි අපේක්ෂාව. අනුරාධපුර ප්‍රදේශයේ පානීය හා වාරිමාර්ග ජල හිඟයට තිරසර විසඳුම් මෙමගින් ලැබෙනු ඇති.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 09:44
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්