Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු – නැගෙනහිරට සංවර්ධනය ගෙන ඒමට රජය කැපවී සිටිනවා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2018 19:17

උතුරු – නැගෙනහිරට සංවර්ධනය ගෙන ඒමට රජය කැපවී සිටිනවා

යළිත් ජනවාර්ගික ප්‍රශ්නයකට ඉඩ නොතබා උතුරු  නැගෙනහිර ජනතාවගේ සංවර්ධන අයිතීන් දිනාදීමට වත්මන් රජය කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කරමිනුයි ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුළුල් සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් සිරිසර පිවිසුම වැඩසටහන ආරම්භ කෙරුණා. ඒ යටතේ වැඩ නිම කෙරුනු සංවර්ධන ව්‍යාපෘති රැසකුයි  ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (20) විවෘත කෙරුනේ. වැව් ප්‍රතිසංස්කරණය, අලිවැට ඉදිකිරීම සහ මාර්ග ප්‍රතිසංස්කරණය ආදී ව්‍යාපෘති ඒ අතර වනවා. ශ්‍රි ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් ක්‍රියාත්මක සිරිසර පිවිසුම වැඩසටහන ජනාධිපතිතුමාගේ සංකල්පයක්. මෙම වැඩසටහන සදහා ජනාධිපතිකාර්යාලය මගින් රුපියල් මිලියන 5000ක් වෙන් කර තිබෙනවා. එමගින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 40ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුනේ ගෝමරන්කඩවල, බක්මීවැවයි. එය  ප්‍රතිසංස්කරණයට වැය කර ඇති මුදල රුපියල් මිලියන 11ක් පමණ වනවා.  අනතුරුව පැවති උත්සවයේ දී කන්තලේ මූලික රෝහල සදහා උපකරණ භාරදීම ද සිදු කෙරුණා. එහි වටිනාකම රුපියල් මිලියන 30ක් පමණ වනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා කියා සිටියේ නොබෙදුනු රටක සියලු ජනතාව සංවර්ධනය වරප්‍රසාද ලබමින් සාමයෙන්, සහයෝගයෙන් ජීවත්වන රටක් නිර්මාණය කළ හැකි රාජ්‍ය නායකත්වයක් අද හිමිව ඇති බවයි. රට එක්කළ හැකි එම නායකත්වය තුළ ශ්‍රි ලංකා ජාතිය දියුණු ජාතියක් ලෙස ඉදිරියට යනු ඇති බවද විපක්ෂ නායකවරයා සදහන් කළා. දුප්පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක මෙවන් සංවර්ධන ක්‍රියාවලියක් එදා රටේ දක්නට නොතිබූ බවද ඔහු පෙන්වා දුන්නා. දිවයින පුරා ක්‍රියාත්මක එම සංවර්ධන වැඩපිලිවෙළට සියලු දෙනාගේ සහාය හිමිවිය යුතු බවයි විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ.

මේ අතර  දිගු කළක් පවතින අලි මිනිස් ගැටුමට විසදුම් ලබා දෙමින් ඉදි කෙරුණු අලි වැට විවෘත කෙරුනේ ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. නියමු ව්‍යාපෘතියක් ලෙස ගෝමරන්කඩවල ප්‍රදේශයේ  ඉදි කෙරුනු මෙම අලිවැට කිලෝමීටර් 30ක් සමන්විතයි. ඊට වැය කෙරුණු මුදල රුපියල් මිලියන 21 දශම 2ක්.

ත්‍රිකුණාමලය ජයසුමනාරාම විහාරස්ථානයේ ඉදි කෙරුනු ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධතිය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුනා. වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ මූල්‍ය ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ  15කට අධික මුදලක් ඊට වැය කර තිබෙනවා. මහා සංඝරත්නය සහ මැතිඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර ත්‍රිකුණාමලය භද්‍රකාලී අම්බාල් කෝවිල වෙතද ගිය ජනාධිපතිතුමා එහි පැවති ආගමික වතාවත්වලට එක්වෙමින් ආශිර්වාද ලබාගත්තා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2018 19:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්