Life+News The Official News Portal of Independent Television Network Ltd

” Cathay Pacific ” නම වරද්දලා වැඩ වරදියිද?

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2018 16:49

” Cathay Pacific ” නම වරද්දලා වැඩ වරදියිද?

කැතේ පැසිෆික් ගුවන් සේවයට අලුතින් එක්වූ යානයක Cathay Pacific යන නම වැරදියට ලියා තැබීම ගැන මේ දවස්වල ලෝකයම කතා කරන සිදුවීමක් වෙලා. හොංකොං කේන්ද්‍ර කරගත් කැතේ පැසිෆික් සමාගමේ අලුත්ම ගුවන් යානයක නම “Cathay Paciic” යනුවෙන් සඳහන්ව තිබීම ඊට හේතුවයි. මේ නිසා අදාළ යානය යළිත් පින්තාරු කිරීම සඳහා යොමුකර තිබෙන බව තමයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී මේ අකුරු පටලැවිල්ල දුටු ගුවන් මගියෙක් එහි ඡායාරූපයක් ගෙන ඒ  ගැන ගුවන් තොටුපොළ සහ අදාළ ගුවන් සමාගම ද දැනුවත් කර තිබෙනවා.

මේ සිදුවීම සමාජජාල මාධ්‍යවල පළවීමත් සමඟම එය අත්වැරැද්දක් බව සියුම් විහිළුවක්ද සමග හැඟවීමට කැතේ පැසිෆික් සමාගම කටයුතු කර තිබුණා. නමුත් මෙය සුළුවෙන් සැළකිය නොහැකි බව පවසමින් කැතේ පැසිෆික් ගුවන් සමාගම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කර ගනිමින් සිටිනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2018 16:49
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්