Life+News The Official News Portal of Independent Television Network Ltd

මුම්බායි සිට ජායිපූර් දක්වා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2018 15:07

මුම්බායි සිට ජායිපූර් දක්වා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

ඉන්දියාවේ මුම්බායි නුවර සිට ජායිපූර් දක්වා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

ගුවන් කාර්ය මණ්ඩලයේ නොසැළකිලිමත්කම හේතුවෙන් ඔක්සිජන් ලබාදෙන පද්ධතිය ක්‍රියාත්මක කර නොතිබීම මෙයට හේතුවයි. මේ හේතුවෙන් ගුවන් මගීන් තිස් දෙනෙකුගේ පමණ නාසයෙන් සහ කන්වලින් ලේ ගැලීම සිදුව තිබෙනවා. බරපතල තත්ත්වයේ පසු වූ අට දෙනෙකු රෝහල්ගත කිරීමටයි ගුවන්තොටුපොළ බලධාරීන් පියවර ගෙන ඇත්තේ. ජෙට් එයාර්වේස් ගුවන් සමාගමට අයත් බෝයිං හත්සිය තිස්හත වර්ගයේ මෙම යානය තුළ ඒ වන විට මගීන් එකසිය හැට හය දෙනෙකු ගමන් කරමින් සිටියා. මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන බව ගුවන් සමාගමේ බලධාරීන් පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2018 15:07
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්