හෝමාගම තාක්ෂණ නගරයට ඉඩම් ලබාදීමට පාර්ශ්ව තුනක් එකඟ වී තිබෙනවා. ඒ අනුව මැණුම් කටයුතු ඉදිරි සතිය තුළ ආරම්භ කෙරෙන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
හෝමාගම යෝජිත තාක්ෂණ නගරය සදහා රජය ඉඩම් තෝරාගෙන තිබෙනවා. ඒවා රජයට පවරා ගැනීම සදහා වන එකගතා සාකච්ඡාවක් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී ජෛව තාක්ෂණ පර්යේෂණ ගොඩනැගිලි ඉදිරිකිරීමට යෝජිත දඹුගොල්ලවත්ත ප්‍රදේශයේ අක්කර 13 ක් රජයට පැවරීමට එකගතාවට එළඹ තිබෙනවා.
ආතර් සී ක්ලාක් පර්යේෂණ මධ්‍යස්ථානය ඉදිකිරීමට යෝජිත හොරගොල්ලවත්ත අක්කර 11 ක පාර්ශ්ව ද ඉඩම් ලබාදීමට එකඟ වුණා. දැනට ඉදිකිරීම් සිදුකරන අළුබෝගහවත්ත භූමියෙන් අක්කර පහක කොටසකටද අදාළ එකඟතාවන් හිමිව තිබෙනවා. ව්‍යාපෘතිය සදහා අවශ්‍ය ඉඩම් අක්කර 450 න් අක්කර දෙසීයක් රජයට වෙත පවරාගෙන තිබෙනවා. ඒ සදහා වන්දි ලබාදීමද විධිමත්ව සිදු කෙරෙනවා.