ඩිජිටල් පන්ති කාමර දෙසීයක් ආරම්භ කිරීම මෙම වසරේ සිදු කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඒ තුළින් සමස්ත පාසල් පද්ධතියම සම්බන්ධ කරමින් ඉගෙනුම් ක්‍රියාවලිය සිදුකළ හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/9Nq_eOgEl4M”]
දොම්පේ දේවි බාලිකා විද්‍යාලයේ ඉදිකළ ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඊට වැය කළ මුදල රුපියල් මිලියන 100 ක්. ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ මෙය සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා/ විදුහල්පති ඒ ආර් පී නන්දනී පියසේකර යන මහත්ම මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.