ලෝක වෙළඳපලේ සීනි මිල බෙහෙවින් පහතවැටී තිබෙන වකවානුවක සීනි සදහා රජය පනවා ඇති නව බදු හේතුවෙන් සීනි මිල වැඩි කිරීමට අවසර නොදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.
සීනි කිලෝග්‍රෑම් එකක් සදහා පැවති ආනයනික පිරිවැය රුපියල් 75 සිට 55 දක්වා අඩුවී තිබෙනවා. එයට හේතුවන්නේ ඉන්දියාව, තායිලන්තය, බ්‍රසීලය යන සීනි නිෂ්පාදිත රටවල දැවැන්ත අස්වැන්නයි. මෙසේ මිළ අඩුවීම හේතුවෙන් දේශිය සීනි නිෂ්පාදකයන් හට අවාසියක් වීම වැළැක්වීම වෙනුවෙන් පනවා තිබූ රුපියල් 31ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සාමාන්‍ය බදු ව්‍යුහය යටතට පත් කර තිබෙනවා.
ආනයනික සීනි කිලෝ එකකට රුපියල් 42 පමණ බද්ධක් අය කිරීම ඊයේ සිට ක්‍රියාත්මක වුණා. නමුත් වෙළඳපොලෙහි මිල අඩුවීමේ ප්‍රවණතාව අනුව නව බදු පැනවීමෙන් පසුව වුවද සීනි ආනයනකරුවන් හට ලාභයක් අත්වනවා. සීනි ආනයනකරුවන් සහ බෙදාහරින්නන් මිල වැඩි නොකල යුතු බවට පාරිභෝගික අධිකාරිය නියෝග කරන්නේ මේ හේතුවෙන්. ඒ අනුව සීනි වල සිල්ලර මිල වැඩි කරන්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වනවා.