හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙට දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී සතොස ආයතනයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවට අදාළ නඩුව කුරුණෑගල මහාධිකරණයේ දී විභාගයට ගැණුනු අවස්ථාවේදීයි.
පසුගිය රජය සමයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කටයුතු කළේ අභ්‍යන්තර හා වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙසයි. එහිදී ඔහු කුරුණෑගල සතොස තොග ගබඩාවලින් රුපියල් ලක්ෂ පනහකට වැඩි භාණ්ඩ තොගයක් මුදාහරින ලෙස නියෝග කළ බවට චෝදනා එල්ලවී තිබෙනවා. ඊට අදාළ නඩුව කුරුණෑගල මහාධිකරණයේ දී විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඉදිරියේ විභාගයට ගැනුණා.
මීට අදාළ සාක්ෂි ලබාගැනීම අද දිනයේත් සිදුකෙරුණා. මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සතොස ආයතනයේ හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු සහ පෞද්ගලික ලේකම්වරයා වූ මොහොමඩ් ෂකීර් යන අයද හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. වැඩිදුර විභාගය හෙට දිනය දක්වා කල්තැබුණා.