Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව දිනපතා විභාගයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2018 11:33

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව දිනපතා විභාගයට

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු 4 දෙනෙකුට එරෙහි නඩුව ඔක්තෝබර් 29 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට තීරණයකර තිබෙනවා.  මහාපරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරීම සදහා පත්කළ පළමු ස්ථීර විශේෂ මහාධිකරණයයි නියෝගය ලබාදුන්නේ. ඔවුන්ට එදිනට අධිකරණයේ පෙනී සිටීමට ද සිතාසි නිකුත් කළා.

රුපියල් මිලියන 500 ක මූල්‍ය වංචාවක් සිදුකළ බවට මොවුන්ට චෝදනා එල්ලවී තිබෙනවා. ලිට්රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබාදුන් රුපියල් මිලියන 500 ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීති විරෝධී ලෙස ආයෝජනය කිරීමේදී මෙම මූල්‍ය වංචාව සිදුව ඇති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානීව කටයුතු කළ ගාමිණී සෙනරත් මහතාට අමතරව තවත් තුන් දෙනෙකු මෙහි විත්තිකරුවන් වනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ, හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත බණ්ඩාර යන අය මෙහි සෙසු විත්තිකරුවන්. ඔවුන් සියලු දෙනා විශේෂ මහාධිකරණය හමුවේ අද (19) පෙනී සිටියා. මෙම විත්තිකරුවන් මේ වනවිට ඇප මත මුදාහැර සිටිනවා.

මෙම නඩුවට අදාළ ලේඛන විත්තිකරුවන්ට ලැබී ඇත්ද යන්න විමසා බැලීම සදහා නඩුව ලබන 28 වනදා කැදවීමට නියෝග කෙරුණා. පොදු දේපල පනත, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබෙනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධ සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලුපිටියේ ග්‍රෑන්ඩ් හයිට් රීජන්ට් හෝටල් ව්‍යාපෘතිය සදහා 2012 වසරේ දී කැබිනට් අනුමැතිය මත රුපියල් බිලියන දහඅටයි දශම පහක මුදලක් වෙන්කර තිබෙනවා. ඉන් රුපියල් බිලියන 4 ක් නීතිවිරෝධී ලෙස හම්බන්තොට හයිට් රීජන්ට් හෝටල් ව්‍යාපෘතියට රජයේ මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ සිදුකළා. ඒ අනුවයි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානියාට එරෙහිව නීතිමය කටයුතු සිදුකෙරෙන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2018 11:33
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්