බ්‍රිතාන්‍ය චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ තවත් තරග කිහිපයක් අද රාත්රියේදී පැවැත්වෙනවා. ඇස්ටන් විලා කණ්ඩායම රොදර් හැම්ප් කණ්ඩායමට එරෙහිව ඩර්බිශෙයර් කණ්ඩායම බැලැක්බර්න් කණ්ඩායමට එරෙහිව මෙහිදී තරග වැදීමට නියමිතයි. ලීඩ්ස් කණ්ඩායම තරග වදින්නේ ප්‍රෙස්ටන් කණ්ඩායමට එරෙහිවයි.
මීට අමතරව ස්ටොක් කණ්ඩායම ස්වන්සේ කණ්ඩායමට එරෙහිවත් වෙස්බ්රෝන් කණ්ඩායම බ්රස්ට්රල්සිටි කණ්ඩායමට එරෙහිවත් තරග වැදීමට නියමිතයි. මේ වන විට චැම්පියන්ස් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 15 ක් දිනා ගත් ලීඩ්ස් කණ්ඩායමයි.