ආසියා කුසලාන ක්රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට ඉවත් වීමට සිදු වුණා. ඒ ඇෆ්ගනිස්ථානය සමග ඊයේ පැවති තරගය පරාජය වීමත් සමගයි.
අබුඩාබිහි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ඇෆ්ගනිස්ථානය තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 249 ක් ලබාගැනීමට සමත් වුණා. තිසර පෙරේරා කඩුළු 05 ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකාවට සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 158 ක් පමණයි. වැඩිම ලකුණු ලාභියා වූ උපුල් තරංග ලකුණු 36 ක් ලබා ගත්තා. මේ අනුව ලකුණු 91 ක ජයග්රහනයක් ඇෆ්ගනිස්ථානය සතු වුණා. ශ්රී ලංකාව ඇෆ්ගිස්ථාන ක්රීකට් කණ්ඩායම හමුවේ පරාජයට පත් වූ පළමු තරගය ලෙසයි එය ඉතිහාසයට එක් වුණේ. තරගාවලියේ ශ්රී ලංකාව ක්රීඩා කළ පළමු තරගයේදීද බංග්ලාදේශය හමුවේ ලකුණු 137 පරාජයක් හිමිවුණා. මේ අනුව තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට යාමට ශ්රී ලංකාවට සිදුව තිබෙනවා.