නුවන් හෙට්ටිආරච්චි කියන්නේ පුවත්පත් ලේඛකයෙක්. නුවන්ට බොහෝ දෙනා කියන්නේ “සොඳුරු රස්තියාදුවා” කියලා. ඒ ඔහු ඒ නමින් ලියූ පුවත්පත් ලිපි නිසා. කොහොම හරි නුවන් ගේ සොඳුරු රස්තියදුව පොත අද හවස 3 ට මහවැලි කේන්ද්‍රයේදී එළි දක්වනවා. හා හා පුරා කියලා එළි දක්වන පළවෙනි පොත නිසා නුවන්ට සුභ පතන්නත් අපි අමතක කරන්නේ නැහැ. ඉතින් රස්තියාදුව ගැන බොහෝ දෙනා කතා වෙන මේ කාලේ නුවන් එක්ක සොඳුරු රස්තියාදුවක යන්න අපි ඔබටත් ආරාධනා කරනවා..