Life+News The Official News Portal of Independent Television Network Ltd

ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලීම ඉවතට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2018 16:55

ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලීම ඉවතට

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු 3 දෙනෙකු ඉදිරිපත් කළ ඇප ඉල්ලීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී සතොස මුදල් රුපියල් මිලියන 5 යි දශම 2 ක් අවභාවිත කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. මෙම නඩුව අවසන් වන තුරු විත්තිකරුවන් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණය පසුගියදා නියෝග කළා. ඒ අනුවයි තමන්ට ඇප ඉල්ලා ඔවුන් ප්‍රතිශෝධන පෙත්සම් ගොනු කළේ. සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණ විනිසුරුවරිය ක්‍රියා කළ ආකාරය නීත්‍යානුකූල බව ද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා. ඔවුන් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත්තේ නඩු විභාගය කඩිනම් කිරීමටයි. පොදු දේපළ පනත යටතේ චෝදනා ලැබ ඇති අයෙකුට ඇප පනතේ ප්‍රතිපාදන අදාළ නොවන බව ද නීතිපතිවරයා දන්වා සිටියා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් ෂකීර් සහ සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන අය කුරුණෑගල මහාධිකරණය වෙත අද යළි ඉදිරිපත් කෙරුණා. සතොස මූල්‍ය කළමනාකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම හා සාක්‍ෂි විමසීම අද අවසන් කෙරුණා. නඩුව හෙට දිනය දක්වා කල් තැබුණා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2018 16:55
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්