තුර්කියේ නිරිත දිග වෙරළතීරය ආසන්නයේ සිදු වූ බෝට්ටු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තුර්කියේ සිට ග්රීසිය බලා ගමන් කරමින් සිටි බෝට්ටුවක් නිරිත දිග වෙරළ තීරය ආසන්නයේදී මෙසේ අනතුරට පත්ව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ සංක්රමණිකයන් චච19 දෙනෙකු එහි සිටි බවයි වාර්තා වන්නේ. ඒ අතරින් 16 දෙදෙනෙකු බේරා ගැනීමට වෙරළාරක්ෂක නිලධාරීන් සමත් වුණා. එක් කාන්තාවක අතුරුදන්ව ඇති අතර ඇය සෙවීමේ මෙහෙයුම් තරවදුරටත් ක්රියාත්මකයි. බේරාගත් පිරිස අතර කුඩා දරුවන් 08 දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.