ඕස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි වෙළඳපොල අඩපණ කිරීමට කටයුතු කරන අයට එරෙහිව දැඩි පියවර ගන්නා බව ඕස්ට්‍රේලියා රජය පවසනවා.
ඕස්ට්‍රේලියා වෙළඳපලට නිකුත් කර ඇති ස්ට්‍රෝබෙරි තුළින් ඇදුම් මැසීමට ගන්නා ඉදිකටු හමුවී තිබෙනවා. ප්‍රාන්ත 06 කින් මේ පිළිබදව වාර්තා ලැබුණද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙනුයි මෙය බහුලව වාර්තා වී ඇත්තේ. මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ලයකුට ඕස්ට්‍රේලියා ඩොලර් ලක්ෂයක මුදලක් ලබා දීමටයි එරට බලධාරීන් තීරණය කර ඇත්තේ.