Life+News The Official News Portal of Independent Television Network Ltd

ළමා පරපුර රැකගැනීමට රජයෙන් ශක්තිමත් වැඩපිළිවෙළක් – අගමැති පහදයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2018 12:23

ළමා පරපුර රැකගැනීමට රජයෙන් ශක්තිමත් වැඩපිළිවෙළක් – අගමැති පහදයි

ළමා පරපුර රැකගැනීම වෙනුවෙන් ශක්තිමත් වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.  රක්වාන ප්‍රදේශයේ පැවති උත්සවයකදීයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

රක්වාන ශාන්ති ළමා නිවාසය විවෘත කිරීම අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී බෝධි රාජ පදනමේ සභාපති ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ අදහසකට අනුවයි  ළමා නිවාසය ඉදි කෙරුණේ. ශ්‍රී බෝධිරාජ පදනම, සබරගමු පළාත් පරිවාස හා ළමාරක්ෂණ අධිකාරිය, ජර්මනිය, මැලේසියාව, සිංගප්පූරුව, සහ ඇමෙරිකාව ඇතුළු රටවල  පරිත්‍යාගශීලීන්ගේ  ආධාර ද ඒ සදහා හිමිවුණා. මා පිය රැකවරණය අහිමි දෙමළ දැරියන් විසිදෙදෙනෙකු සදහා මෙම ළමා නිවාසය මගින් රැකවරණය සැලසෙනවා.  මේ සදහා දායකත්වය දැක්වූ විදේශ රටවල නියෝජිතයින් සහ  මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2018 12:23
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්