Life+News The Official News Portal of Independent Television Network Ltd

මන්ග්කුට් දකුණු චීනයේ පුද්ගලයින් දෙදෙනෙකු බිලි ගනී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2018 09:50

මන්ග්කුට් දකුණු චීනයේ පුද්ගලයින් දෙදෙනෙකු බිලි ගනී

මන්ග්කුට් සුළිකුණාටුවේ බලපෑමෙන් දකුණු චීනයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 200කට අධික බවයි වාර්තා වන්නේ.

මන්ග්කුට් සුළිකුණාටුවේ බලපෑමෙන් පිලිපීනයේ පුද්ගලයින් 64 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.  සුළිකුණාටුව මේ වන විට දකුණු චීනයට ඇතුළුවී ඇති අතර පුද්ගලයින් ලක්ෂ 20කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථානකරා යොමු කරවීමට පියවර ගෙන තිබෙනවා. පැයට කිලෝමීටර් 162ක වේගයෙන් සුළං හමා යමින් පවතින බවයි වාර්තා වන්නේ. සුළිකුණාටුව සමග පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ද ඇතිව තිබෙනවා. ගුවන් ගමන් වාර කිහිපයක් තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2018 09:50
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්