රාගල පොලිස් වසමේ ඝණ කැලැවක ගල්ගුහාවක තිබි හමු වු මළ සිරුරු දෙක පිලිබද පශ්චාත් මරණ පරික්ෂණ නුවරඑළිය මුලික රෝහලේදී ආරම්භ වුනා. ඉත්තෑවන් දඩයම් කිරිම සදහා ගල්ගුහාවට දුම් ගසා ඊට ඇතුලු වීමෙන් පසුව ඔවුන් මිය ගොස් තිබෙනවා. දුම ආඝ්රණය වීම හේතුවෙන් මරණ සිදු වන්නට ඇති බවටයි රාගල පොලිසිය පවසන්නේ. ගල් ගුහාවේ තිබි මිය ගිය සුනඛකයෙකු ගේ හා ඉත්තෑවෙකුගේ සිරුරු හමු වී තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/6-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/3-2.jpg”]