වසරේ විශිෂ්ඨතම කෘතීන් සදහා සම්මාන පිදෙන 2018 ස්වර්ණ පුස්තක සාහිත්‍ය සම්මාන උළෙල ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදීයී.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධාන කරන ස්වර්ණ පුස්තක සාහිත්‍ය සම්මාන උලෙල මෙවර පැවැත්වුණේ 12 වන වරටයි. රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල පැවැත්වුණා. නව කථා 05 ක් මෙවර අවසන් වටය සදහා සුදුසුකම් ලබා තිබුණා. ඒ සමන් වික්‍රම ආරච්චිගේ අප්පච්චි ඇවිත්, දර්ශනා විජේතිලකගේ අසනග වැසි, ජයතිලක කම්මැල්ලවීරගේ චක්‍ර,විමල් හපුගොඩආරච්චිගේ ගේ යකඩ සිල්පර සහ පත්මිණී සෙනෙවිරත්නගේ වරණ යන නව කථායි. ඉන් සමන් වික්‍රම ආරච්චිගේ අප්පච්චි ඇවිත් කෘතියයි 2018 ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබුවේ. 2017 වසරේ ප්‍රකාශයට පත් නව කථා 125 ක් අතුරින් සම්මාන ලාභි නව කථා තෝරාගෙන තිබුණා. විද්වතුන්, කලාකරුවන්, ලේඛකයින්, ග්රන්ථ ප්‍රකාශකයින් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/aa.jpg”]