මහවැලි ක්‍රීඩා සමාප්ති උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
Related Articles
30 වන මහවැලි ක්‍රීඩා උලෙළේ සමාප්ති උත්සවය අද පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදීයි.
ස්වයංපෝෂිත යුගයක් මහවැලි තාරුණ්‍යයට අපමණ අගයක් යන තේමාවෙනුයි මෙවර මහවැලි ක්‍රීඩා උලෙළ පැවැත්වුණේ. ඊයේ ආරම්භ වූ ක්‍රීඩා උලෙළට මහවැලි කලාප 10ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන්දහසක් පමණ එක්ව සිටියා. ත්‍රිවිධ හමුදාව සහ මහවැලි කලාපවල දරුවන්ගේ විචිත්‍රවත් සංස්කෘතිකාංග රැසක් සමාප්ති උලෙළට එක්කර තිබුණා. උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ රටේ අනාගතය වෙනුවෙන් දරුවන් සදහා කරන ආයෝජන සෑම විටම වැදගත් වන බවයි.
මෙවර ආසියා කුසලානය ජයගත් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම වෙත තිළිණයක් ප්රදානය කිරීම ද මෙහිදී සිදුකෙරුණා. මහවැලි ක්‍රීඩා උලෙළේ ජයග්රාහකයින්ට තිළිණ ප්රදානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතින්. ජවන හා පිටිය දක්ෂතම ක්‍රීඩිකාව වූයේ වික්ටෝරියා කලාපයේ ෆාතිමා යමීන්. දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහවැලි එච් කලාපය නියෝජනය කළ විනෝද් සඳරුවන් සම්මාන හිමිකර ගත්තා. මෙවර ක්‍රීඩා උලෙළේ සමස්ත පදක්කම් ශූරයන් වූයේ සත්කාරක වලව කලාපයයි. වික්ටෝරියා කලාපය පදක්කම් අනුශූරයන් බවට පත් වුණා. සමස්ත ලකුණු සටහන අනුව ලකුණු 69 ක් ලබා ගනිමින් 30 වන මහවැලි ක්‍රීඩා උලෙළේ ශූරයන් බවට පත් වුණේ මහවැලි එච් කලාපයයි.මැතිඇමතිවරුන් , රාජ්‍ය නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment