Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් සභා මැතිවරණය පිළිබඳ ඉඟියක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 17:40

පළාත් සභා මැතිවරණය පිළිබඳ ඉඟියක්

පළාත් සභා මැතිවරණය කල් දැමීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවදාරණය කරනවා. ලබන වසර ආරම්භයේ පළාත් සභා මැතිවරණය පවත්වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

බෙලිඅත්ත, ගොඩකුඹුර ඇල මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් ආමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. වැව් දහසක් ගම් දහසක් සංවර්ධන වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක තුන්සිය විසි හය වන වැඩසටහනයි මෙසේ ආරම්භ කෙරුණේ. ගොඩකුඹුරු ඇල මාර්ගයේ සංවර්ධන කටයුතුවලට සමගාමීව ප්‍රදේශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමද සිදු වනවා.

අමාත්‍ය මහින්ද අමරවීර,

ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 17:40
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්