Life+News The Official News Portal of Independent Television Network Ltd

ආණ්ඩුව පෙරළන්න හදන සිඟිති කුමන්ත්‍රණ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 18:58

ආණ්ඩුව පෙරළන්න හදන සිඟිති කුමන්ත්‍රණ

සාහසික දේශපාලන හැල හැප්පිලිවලින් පදම්වෙලා තෙම්පරාදු වෙච්ච  රටක ජීවත් වෙන මිනිස්සුන්ට දේශපාලන ඝාතන කියන ඒවා මහා ආන්දෝලනාත්මක දේවල් නොවේ. ඒ සාමාන්‍ය දේවල්ය. එවැනි යුග කිහිපයක් ශ්‍රි ලංකාව පසුකර තිබේ. 2015 වසරේ දී රාජපක්ෂ යුගයට තිත තබමින් එවැනි ම්ලේච්ඡ සාහසික දේශපාලන ඝාතනවලින් පිරුණු යුගයක් අවසන් කෙරිණි.  ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් මනුස්සකමේ යුගයක් නිර්මාණය කෙරිණි. දේශපාලන ගැටුම් වෙනුවට සාමයෙන් සංහිඳියාවෙන්,සාකච්චාවෙන්, සම්මන්ත්‍රණයෙන්, සම්මුතිගත වීමේ නව දේශපාලන සංස්කෘතියක් ඇති කෙරිණි.

පසුගිය වසර තුනකට වැඩි කාලය ගෙවී ගියේ ඒ නව දේශපාලන භාවිතාව අනුවය.

නමුත්තමන්ගේ පංගුව, බඩගෝස්තරය බේරාගැනීම වෙනුවෙන් පමණක් දේශපාලනය කරන ජනතා ද්‍රෝහී තක්කඩියන්ට යහපාලනය දරා ගැනීමට නොහැකිව තිබේ. ඉතා අමාරුවෙන් ගොඩ නඟාගත් මේ ශිෂ්ඨ සම්පන්න දේශපාලනය පෙරලා දැමිමට දඟලන්නෙ ඒනිසාය.

ඊයේ පෙරේදා  ආන්දොලනාත්මක ප්‍රවෘත්තියක් ලෙස ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ කතාවක් එළියට ඇවිත් තිබේ. ශ්‍රී ලංකා පොලීසියේ ඉහළ නිලධාරියෙකුගේ නමට බැර කර මේ හඬපටය නිකුත්ව තිබේ. හඬ පටයේ අරමුණ ලෙස ඇත්තේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර  මාරාන්තික ගැ‍ටුමක් ඇති බව පැවසීමය. එය ඝාතනයකින්  කෙළවර කිරීමට කළ කුමන්ත්‍රණයක් ගැන මෙහි සඳහන්ය. මේ ඝාතන කුමන්ත්‍රණය පොඩි දරුවන්ගේ සැලසුමක් බඳුය .එය හරිම සරළය.  පහසුවෙන් සැලසුම් කළ  සිගිති  මෙහෙයුමකි. අපරාධකරුවා හෝ දේශපාලන වුවමනාව හෝ තවමත් හෙළිකර ගත නොහැකි වූ අතිශය සූක්ෂම ලෙස සැලසුම් කළ ඝාතන රැසක් ගැන මෑත කාලීන අත් දැකීම් ඇති මේ රටේ  පොලිසියේ  ලොක්කෙක් කළ මේ සැලසුම  විසුළුකාරීය.

එ කෙසේ වූවත් මේ හඬ පටයේ ඇත්ත නැත්ත ගැන තවම නිවැරදි තොරතුරක් නැත.  නමුත් ඇතැම් මාධ්‍ය මේ හඬපටය සත්‍යයක් බව  තීරණය කර  චුදිතයන් අල්ලා ගෙනද තිබේ.  ඒ ගැන තඩි දේශපාලන විග්‍රහයන්ද මේ වන විට සිදු කරමින් තිබේ.වේලි වේලී හිටපු ජඩමාධ්‍යකාරයන්ට මෙය  කාලෙකට පස්සෙ ලැබුණු රස මසවුලක් වී තිබේ.

වත්මන් සම්මුතික ආණ්ඩුව කඩා ඉහිරුවා දැමිමට මේ හඬ පටය පාවිච්චි කිරීමේ මජර දේශපාලන වුවමනාවද පැහැදිලිවම රාජපක්ෂවාදී කල්ලි කණ්ඩායම් විසින්  පෙන්වමින් තිබේ.

කොහොම උනත් මේ හඬපටයේ සත්‍ය අසත්‍ය තාවය හෙළි කර ගැනීමේ විමර්ශන කටයුතු මේවන විට සිදුවෙමින් තිබේ. මේ සත්‍යයක් නම් ඊට චෝදනා ලබන වුන්ට නීතිය අනුව දඬුවම් කළ යුතුය.

මේ සිඟිති කුමන්ත්‍රණ වලින් වත්මන් සම්මුතිවාදී දේශපාලනය අවසන් කරන්න නොහැකිය. ජනතාව ඉල්ලා සිටි ශිෂ්ඨ  දේශපාලන සංස්කෘතිය යළි ආපසු හැරවීම සිදු කළ නොහැක.  සමාජය තවත් ඉදිරියට පියවරක් තබනවා විනා  යළි රාජපක්ෂ පන්නයේ ම්ලෙච්ඡ යුගයක් අපෙක්ෂා කරන්නෙ නැත. දේශපාලන ඝාතන කුමන්ත්‍රණ කතා වලින් දේශපාලන පෙරෙළි කිරීම පරණ උපක්‍රමයකි.

– දැක්ම –

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 18:58
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්