“ආදරේ රත්නපුර වගේ” පොත එළිදැක්වීම අද හවස 3:00 ට දියත එළිමහන් රංගපීඨයෙදි පැවැත්වෙනවා..
ඉවෙන්ට් එක පොඩ්ඩක් වෙනස් විදිහකට කරන්න ඕනෙ කියලා හිතුනා. හැමදාම පොත් එළිදැක්වීම් වෙන්නෙ ඇතුලෙ හින්දා එළිමහනකට එන්න ඕනෙ කියලා හිතුනෙ. එළිදක්වන පොත ගැන කතා විතරක් අහලා යනවා වෙනුවට හෙට එන ඕනම කෙනෙක්ට කවි, සාහිත්‍යය, කලාව ගැන තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් සංවාදාත්මක අවකාශයක් ගොඩනැගේවි.
ඒ වගේම මගේ පොත ගැන ඔබට ඕනම අදහසක් ප්‍රසිද්ධියේ කියන්න ලැබේවි. ඔව් බනින්න විවේචනය කරන්න පුළුවන්.
මොකද මම විශ්වාස කරනවා.. කලාව සාහිත්‍යය හෝ ඕනම දෙයක් එකතැන පල්වෙන්න හේතුව අපි ඒ ගැන ගොඩනැගිලා තියන මතවාද, මේ වෙද්දි තියන දේවල් හිස්මුදුනින් පිළිගැනීම සහ සංවාද විවාද සිදුනොවීම කියන එක.. ඒ හින්දා මේක පොඩි එක්ස්පරිමන්ට් එකක්.. පොඩි පරීක්ෂණයක්.
ඒ වගේම කතා අහන්න කතා කරන්න විතරක් නෙමෙයි. සින්දු අහන්න සින්දු කියන්නත් පුළුවන් හවසක් වෙයි හෙට..
කළින් මට මෙහෙම අත්දැකීමක් නැති නිසා මේ පරීක්ෂණය සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියන්න මම දන්නෙ නෑ. මොකක් උනත් මම වෙනසට කැමතියි..
ඒ වගේම
එළිමහන් රංගපීඨයත් රත්නපුර වගේ
අව් වැස්ස නිශ්චිත නැති..
ඉතින් කුඩයක් ගෙන එන්න..
මෙහෙම කියන්නේ චාමල් අකලංක පොල්වත්තගේ. අද හවස 3ට ඔබ දියත එළිමහන් රංග පීඨයට ගියොත් අලුත්ම අත්දැකීමක් විඳගන්න හැකි වේවි. චාමල්.. අලුත් වැඩේට අපෙන් සුභ පැතුම්!!!!