Life+News The Official News Portal of Independent Television Network Ltd

ආචාර්ය පූජ්‍ය කොළොන්නාවේ ශ්‍රී සුමංගල හිමි ජනපති අගමැති ප්‍රධානත්වයෙන් මහානායක පදවි ලබයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 12:04

ආචාර්ය පූජ්‍ය කොළොන්නාවේ ශ්‍රී සුමංගල හිමි ජනපති අගමැති ප්‍රධානත්වයෙන් මහානායක පදවි ලබයි

අමරපුර සිරිසුමන මහා නිකායේ නව වන මහා නායක පදවිය සද්ධර්ම වාගීෂ්වර ප්‍රවචන කීර්ති ශ්‍රී  ශ්‍රී සම්බුද්ධ ධම්ම විශාරද,ශ්‍රී සම්බුද්ධ ශාසනජෝති, ආචාර්ය පූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල ස්වාමීන් වහන්සේ වෙත පිරිනැමුණා. ඒ ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ආචාර්ය පූජ්‍ය කොළොන්නාවේ ශ්‍රි සුමංගල ස්වාමීන් වහන්සේ වෙත අමරපුර සිරිසුමන මහා නිකායේ මහා නායක පදවිය වෙනුවෙන් සන්නස් පත්‍රය පිළිගැන්වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමායි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  විජිනිපත පිළිගැන්වුවා. අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේ ඇතුළු ත්‍රෛයිනිකායික මහා නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ දෙස් විදෙස් සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කතානායක කරූ ජයසූරිය සහ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 12:04
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්