කැලිෆෝනියාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් විශාල පිරිසක් අවතැන්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඇතැම් ප්රදේශවල දින කිහිපයක සිට විශාල ගං වතුර තත්ත්වයක් පවතිනවා. තවදුරටත් ආරක්ෂිත ස්ථානවල රැදී සිටින ලෙස ජනතාවට දැනුම් දී ඇති බවයි කැලිෆෝනියා බලධාරින් ප්රකාශ කළේ.