ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සැලැස්මක් පවතින බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.
තමා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එල්ලවී ඇති චෝදනා පිළිබද විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවරන බව ජනාධිපතිතුමා ඊයේ (14) ප්‍රකාශ කළා. මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදීයි ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය දැනටමත් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා අතර ගැටුමක් පවතින බව ඇගවීම සදහා ඒකාබද්ධ විපක්ෂයට පක්ෂපාතී මාධ්‍ය බලවත් උත්සාහයක නිරතවන බවයි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියාසිටින්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/St7WSCxxUkU”]