ගම්පහ ප්රදේශයේ නිවසක නතරකර තිබූ වෑන් රථයක ඇතිවූ ගින්නකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්වුණා. ගම්පහ, අස්ගිරි වල්පොල, ජගම්බුගහවත්ත ප්රදේශයේ නිවසක නතරකර තිබූ වෑන් රථයකයි ගින්න හට ගෙන තිබෙන්නේ. රියදුරු අසුනේ සිටි කාන්තාවක සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණා. මෙම අවස්ථාවේ ඇගේ සැමියා අසළ වෙළෙද සැලකට ගොස් සිටි බව ද වාර්තාවනවා. වෑන් රථය ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවසේ වහළයේ කොටසකට ද ඉන් අලාභ හානි සිදුවුණා. මෙය ඝතනයක් ද යන්න පිළිබද සැක මතුව තිබෙනවා.