Life+News The Official News Portal of Independent Television Network Ltd

මිය ගිය පොලිස් සැරයන් සුරංගගේ නිවස සම්පූර්ණ කර නිවැසියන්ට පරිත්‍යාග කරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2018 11:26

මිය ගිය පොලිස් සැරයන් සුරංගගේ නිවස සම්පූර්ණ කර නිවැසියන්ට පරිත්‍යාග කරයි

මාතර රන් භාණ්ඩ අලෙවිසැලක කොල්ලකරුවන් පිරිසක් සිදු කළ වෙඩි තැබීමෙන් මිය ගිය පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ නිවසේ ඉදිකිරිම් සම්පුර්ණ කර නිවැසියන්ට පරිත්‍යාග කිරිම ඊයේ සිදු කෙරුණා.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම කටයුත්ත සිදු කෙරුණේ. සුරංග ප්‍රදීප් මහතා මිය යන විට තිස්තුන් වන වියෙහි පසුවුණා. ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. ඔහුගේ මියයාමත් සමග ඇනහිට තිබූ නිවසෙහි ඉතිරි වැඩකටයුතු කඩිනමින් අවසන් කර දෙන බවට පොලිස්පතිවරයා නිවැසියන්ට පොරොන්දුවක් ලබා දී තිබුණා.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථානවල නිළධාරින්ගේ දායකත්වයෙන් නිවසෙහි වැඩ නිම කිරිමට හැකිවුණා. කොල්ලකෑම සිදු වු රන් භාණ්ඩ අලෙවිසැලේ දායකත්වයද මේ සදහා හිමි වුණා. ඉදි කිරිම් කටයුතු සදහා ශ්‍රම දායකත්වය ලබා දුන්නේ මාතර කොට්ඨාස පොලිස් වැඩ ඒකකයේ නිළධාරින්. සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ දරුවන් දෙදෙනාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා ශිෂ්‍යත්ව පිරි නැමිමක්ද සිදු කෙරුණා. ඒ සදහා මාතර  ප්‍රදේශයේ පෞද්ගලික මුල්‍ය ආයතනයක් දායකත්වය ලබා දුන්නා. කොල්ලකෑම සිදු වු අවස්ථාවේ වෙඩි වැදි දැනට ප්‍රතිකාර ලබමින් සිටින අනෙක්  පොලිස් නිළධාරියා වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් ලබා දීමට ද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කළා. මාතර හම්බන්තොට භාර නියෝජ්‍ය පොලිස්පති  විජිත ගුණරත්න මහතා ඇතුළු නිලධාරින්  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2018 11:26
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්