Life+News The Official News Portal of Independent Television Network Ltd

හන්දි ගානේ සන්නි නැ‍ටුම් නැ‍ටුවාට නීතිය සහ අධිකරණය සමඟ සෙල්ලම් කළ නොහැක

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 18:15

හන්දි ගානේ සන්නි නැ‍ටුම් නැ‍ටුවාට නීතිය සහ අධිකරණය සමඟ සෙල්ලම් කළ නොහැක

නීතිය යනු පාලක පන්තියේ අවිය යනුවෙන් ප්‍රකට කියමනක් තිබේ. එසේ කීවේ නීතිය නිරන්තරයෙන් පාලකයාගේ  පැවැත්ම වෙනුවෙන් පමණක් යොදා ගැනීමට පාලකයා කටයුතු කිරීම නිසාය. එහෙම පාලකයන් සිටි යුගයන් ද මෙරට තිබිණි. එහෙත් නිතියේ යහපාලනය විශ්වාස කරන බුද්ධිමත් ජනතාවක් රටක සිටීමෙන් තවදුරටත් නීතිය පාලකයාගේ අවිය වන්නේ නැත.  ජනතාව නීතියේ යහපාලනය ඉල්ලා සිටින විට පාලකයාට එසේ කටයුතු කිරීමට සිදුවනවා මිස නීතිය සමඟ අධිකරණය සමඟ සෙල්ලම් කළ නොහැක. නීතියට ගරු කර  රාජ්‍ය පාලනය සිදුකිරීම තමන් පත්කළ පාලකයා වෙතින් ජනතාව බලපොරොත්තු වෙන සාරධර්මයයි.

පසුගිය රාජපක්ෂ සමයේදී කප්පම් ලබා ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට සම්බන්ධ සිදුවීමට වත්මන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී  අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන නීතිය හමුවට ගෙන්වීම වැලැක්වීමට දේශපාලන අධිකාරිය මැදිහත්ව නැත. ඒ නීතිය නියමාකරයෙන් ක්‍රියාත්මක කිරීම යහපාලන රජයේ වගකීමක් නිසාය. එසේම අසාධාරණ ලෙස රණ විරුවන් පීඩාවට පත් කරන්නේ නම් ඒ ගැන විමසා ප්‍රතිකර්ම යේදීමද රජයේ වගකීමකි.  ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ආණ්ඩුව මේ වන විටත් ගෙන තිබේ.  රණ විරුවන් දඩයම් කරනවා යැයි රාජපක්ෂලාට දැන් බොරුවට අඳෝනා නඟන්න දෙයක් ඉතුරුව නැත.

විවාදාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ වත්මන් ආණ්ඩුවේ  හිටපු මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීම අද සිදුව තිබේ.

ජනාධිපතිවරයාද අගමැතිවරයාද ජනතාවට පොරොන්දු වූයේ  පෙර රාජපක්ෂ යුගයේදී මෙන් රාජ්‍ය යාන්ත්‍රණය තුල වංචාවට දූෂණයට  ඉඩක් නොතබන බවය.  වරදක් වෙයි නම් තරාතිරම පක්ෂපාතිත්වය නොතකා  නීතිය  ක්‍රියාත්මක කරන  බවය. වැදගත්ම දේ ආණ්ඩුවේ නායකයන්ට  හෝ හිතවතුන්ට එල්ලවන චෝදනාවන්ද අපක්ෂපාතිව විභාග කිරීම අද සිදුවෙමින් පැවතීමය.

ඒ අනුව  ජනතාවාදී  ආණ්ඩුවකින් බලාපොරොත්තු විය යුතු  සාධාරණ , යුක්ති සහගත  භාවිතාව අද මහජනතාව බුක්ති විඳිමින් තිබේ.

වත්මන් සම්මුතික ආණ්ඩුව  පිහි‍ටුවා ගැනීම සඳහා වරම ලබාදුන් ජනතාව , දේශපාලකයාට බලකරනු ලැබුවේ මෙන්න මේ යහපාලනයේ අත්‍යාවශ්‍ය බවය.

තමන්ගේ පාලනයට එරෙහිව එල්ල වූ චෝදනා  විමර්ශනය කර  නීතිමය පියවර ගැනීමට වත්මන් ආණ්ඩුව නොපැකිලෙන බව සහතික කර තිබේ.  රාජපක්ෂලාට එරෙහිව තිබෙන නඩු හබ හකුලා ගැනීමක් සිදුවන්නේද නැත.

රාජපක්ෂලා හන්දි ගානේ සන්නි නැ‍ටුම් නැ‍ටුවාට යහපාලනය පෙරළා දැමිය ද නොහැක.

මේ නිසා  බොරු නැති,  බය නැති දේශපාලකයන්ගේ  සම්මුතියක් පවතින  විට   යහපාලන ආණ්ඩුකරණය ශක්තිමත්ව පවත්වාගෙන යාම ගැන  කිසිවකුත් සැකයක්  තබා ගතයුතු ද නැත.

දැනට මේ ඇති සෙස්ස පස්සට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 18:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්