Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන වසරේත් වාරිකයෙන් 77% ක් මහින්දගේ ණය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 17:44

ලබන වසරේත් වාරිකයෙන් 77% ක් මහින්දගේ ණය

රජයේ අභ්‍යන්තර තොරතුරු හා ආර්ථික විශේෂඥයින්ගේ මත අනුව ලබන වසරේදී ගෙවිය යුතු මුළු ණය වාරිකය ඇමෙරිකා ඩොලර් බිලියන 4 යි දශම 2 ක්. එම මුදලින් ඩොලර් මිලියන තුන්දහස් තුන්සිය පහළොවක් හෙවත් සියයට 77ක් ගෙවිය යුතු වන්නේ මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදී ලබාගත් ණය වෙනුවෙනුයි.

මෙම වසරේදී ගෙවීමට සිදුවන ණය මුදල ඇමෙරිකා ඩොලර් මිලියන දෙදහස් අටසිය හතළිස් පහක්. ඉන් ඇමෙරිකා ඩොලර් මිලියන එක්දහස් හත්සිය අසූහතක්ම ගෙවිය යුතු වන්නේ 2015 වසරට පෙර ගත් ණය වෙනුවෙන්. 2010 වසරේ සිට රාජ්‍ය ආදායම සහ අපනයන ආදායම පෙර නොවූ විරූ ලෙස පහත වැටීමට බලපෑවේ ද පසුගිය පාලන සමයේදී ලබාගත් ණය ප්‍රමාණයයි. සංවර්ධිත රටවල් වරාය හා ගුවන් තොටුපොළ ඇතුලු මහා පරිමාණ යටිතල පහසුකම් වෙනුවෙන් ණය ලබා ගන්නවා. සංවර්ධනය වන රටවල් ණය ලබාගන්නේ ගොඩනගා පවත්වාගෙන ගොස් පසුව අයිතිය පවරන කොන්දේසි මතයි. තත්ත්වය එසේ තිබියදීත් සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව ණය ලබාගෙන ඇත්තේ සංවර්ධිත රටක් ලෙසයි. එමගින් අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘති කිහිපයක් බිහිකොට රටේ ජනතාවගේ හිස මත ණය කන්දක් පැටවීමට පසුගිය පාලන සමයේදී කටයුතු කර තිබෙනවා.

අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපොළ ආදී ව්‍යාපෘති සඳහා වියදම් වන සැබෑ මුදලට වඩා කිහිප ගුණයක් වැය කළ බව පෙන්වා පසුගිය පාලන සමයේ රට පාලනය කළ දේශපාලනඥයින් තමන්ගේ බැංකු ගිණුම් තරකරගෙන තිබෙනවා. පසුගිය ආණ්ඩුව එසේ ණය මුදල් ලබාගෙන තමන්ගේ මඩිය තරකර ගත්ත ද වත්මන් ආණ්ඩුව ලබාගන්නා සෑම ණය මුදලක්ම රටට ආදායම් දෙන සහ රැකියා අවස්ථා මෙන්ම නව ආයෝජන ඇති කිරීම, කෘෂිකර්මය නගාසිටුවීම සඳහා යෙදවෙනවා. මෑතකදී ආරම්භ කළ ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ව්‍යාපෘති මේ සඳහා කදිම උදාහරණයක්.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 17:44
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්