Life+News The Official News Portal of Independent Television Network Ltd

නියං සහිත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයට බලපෑම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 15:51

නියං සහිත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයට බලපෑම්

පවතින අධික නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ මිලියන දෙකක පමණ ජනතාව දැඩි අපහසුතාවන්ට මුහුණදී සිටිනවා.

ගැටුම් හේතුවෙන් නිවාස නොමැතිව අවතැන් කදවුරුවල රැදී සිටින ජනතාව මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් දැඩි සේ අසරණ වී ඇති බවයි වාර්තා වන්නේ. අවතැන් කදවුරුවල ජීවත් වන දෙලක්ෂ හැත්තෑ පන්දහසක පමණ ජනතාවකට පිරිසිදු පානීය ජලය නොමැති බව සදහන්. ඇෆ්ගනිස්ථානයේ මිලියන විස්සක පමණ ජනතාවක් ගොවිතැන් කටයුතු සිදුකරන අතර ඔවුන්ගෙන් සියයට 45 ක පමණ පිරිසකට ගොවිතැන් කටයුතු කිරීමට ප්‍රමාණවත් ජලය වසර ගණනාවක සිට ලැබී නැහැ. මෙම තත්ත්වය එළඹෙන මාස කිහිපය තුළ වඩා උග්‍රවනු ඇති බවටි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 15:51
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්