Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිනි ගැනීම් පාලනය කිරීමට අධිවේගී ගිනි නිවීමේ යාත්‍රාවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 15:51

ගිනි ගැනීම් පාලනය කිරීමට අධිවේගී ගිනි නිවීමේ යාත්‍රාවක්

ගිනි ගැනීම් පාලනය කිරීමට අධිවේගී ගිනි නිවීමේ යාත්‍රාවක් ශ්‍රී ලංකාව නිෂ්පාදනය කර තිබෙනවා. ඒ මහමුහුදේදී ගිනි ගැනීමට ලක්වන නැව් , බෝට්ටු සහ වෙනත් ඕනෑම ධීවර යාත්‍රාවක් වෙත ක්‍ෂණිකව ළඟා වීම සඳහායි.

රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි,

ප්‍රථම යාත්‍රාව දියත් කිරීම රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් දික්ඕවිට ධීවර වරායේදී ඊයේ සිදුකෙරුණා. සෝලා මැරින් ආයතනය නිපදවා ඇති මෙම යාත්‍රාව සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදනයක්. මෙහි වේගය පැයට සැතපුම් 35ක්. පැයකට ජලය ලීටර ලක්‍ෂ 6ක් මීටර 120 ක් දුරට විදිය හැකි ලෙස මෙය නිෂ්පාදනය කර තිබෙනවා. නාවික සැතපුම් 200 ක් දුරට ගිනි නිවීමේ මෙහෙයුම්වල නිරතව නැවත ගොඩබිමට ළඟා වීමේ සියලු පහසුකම් ද මෙම යාත්‍රාව සතුයි. මහ මුහුදේ සිදුවන ගිනි ගැනීම් පාලනය කිරීම පිළිබඳ විශේෂ පුහුණුව ලත් භටයින් 6 දෙනෙකුට යාත්‍රාවේ ගමන් කළ හැකියි.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 15:51
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්