මෑන්ග්කුට් ලෙස නම් කෙරුණු ප්‍රබල සුළි කුණාටුක් මෙම සති අන්තයේ හොංකොං දිවයින හරහා හමායන බව කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවනවා.
මෙය දශක ගණනාවකින් පසු හොංකොං වෙත බලපාන ප්රබලතම සුළි කුණාටුව ලෙසයි සැලකෙන්නේ. පැයට කිලෝමීටර් 240 ක වේගයෙන් යුතු මෑන්ග්කුට් සුළි කුණාටුව 1962 වසරේ ඇතිවූ වන්ඩා නමැති සුළි කුණාටුව හා පසුගිය වසරේ හමාගිය හටෝ සුළි කුණාටුවටත් වඩා ප්‍රබල බවයි වාර්තා වන්නේ. මෙමගින් හොංකොං රාජ්‍යයට පමණක් නොව පිලිපීනයටද බලපෑම් එල්ලවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.