Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව කිසිම රටක පුරවැසිබවක් නැති මුහුදු අහිකුණ්ඨකයෝ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 08:30

ලොව කිසිම රටක පුරවැසිබවක් නැති මුහුදු අහිකුණ්ඨකයෝ

පිලිපීනයේ බෝර්නියෝ හා සුලාවෙසි අතර බටහිර පැසිපික් සාගරයේ පිහිටි කොරල් පර සහිත මුහුදු තීරයේ ගොඩබිම සිට කිලෝ මීටර් ගණනක් ඈතින් වු මහ මුහුද මධ්‍යයේ පිහිටි මිනිස් සමාජයකි. ඔවුහු සිය මුලු ඡිවිත කාලය ම ගෙවා දමන්නේ මහ සයුරේ ය.

කොරල්පර අතර අටවාගත් පුංචි නිවාසවල හෝ කුඩා බෝටිටු සිය නිවාස කර ගත් ඔවුහු බජූ (BAJAU) නැමති මිනිස් සමාජය යි. ඔවුන්ට පිලිපීනයේ පුරවැසිභාවයක් නොමැත. පිලිපීනයේ පමණක් නොව ලොව කිසිම රටක ඔවුනට පුරවැසිභාවය පිරිනමන්නේ ද නැත. නමුදු ඔවුන්ද මිනිස්සු ය. එබැවින් මහ මුහුද ඔවුනට පුරවැසිභාවය පිරිනමා ඇත. ගොඩබිම ජීවත්වන මිනිස් සමාජ ඔවුන් හදුන්වන්නේ මුහුදු බෙල්ලෝ යන අන්වර්ථ නාමයෙනු යි.

මේ මිනිසුන්ට ඉතිහාසයක් නැත. කිසිවෙක් අකුරු කියවීමට හෝ ලිවීමට නොදනී. ඔවුන්ට කොයින්ද මුහුද මැද්දේ ඉස්කෝල. ඔවුන් අධ්‍යාපනය ලබන්නේ මහ මුහුදෙනි. ඔවුහු නොමැරී ජීවත්වන්නේ කෙසේ දැයි ඔවුන්ට කියා දෙන්නේ මහ මුහුද යි. ඉතින් ඔවුනගේ ආත්මය ම මේ මහ මුහුද විතරයි.

අවුරුදු 8දී වැඩිහිටියන් මුහුදු පතුලේ දඩයම් කරන්නේ කෙසේදැයි තම දරුවන්ට උගන්වයි. සාමාන්‍යයෙන් ඔවුන්ට හුස්ම නොගෙන මිනිත්තු 05 ක් පමණ දියයට සිටීමට හැකිවන සේ මෙම පුහුණුව සිදුකරනු ලබයි. ඒ, දිය යට දී මාලුවෙක් දඩයමි කර ගැනීමට හැකි උපරිම කාලය යි. එහෙත් බොහෝවිට ‍මෙම බජූවරුන්ට විනාඩි 2ක් තුළ එක් මාලුවෙක් දඩයම් කළ හැකිය.

ඔවුන්ගෙන් කෙනෙක් මේ සියලු මාලු එකතුකර ගොඩබිමට ගෙනවිත් ඔවුනට අවශ්‍ය ඉන්ධන, සහ සහල් ගොඩබිමින් ලබා ගනියි. සමහරු සිය ජීවිත කාලය තුළම ගොඩබිමකට අඩියක්වත් තබා නැතයි කියවේ.

කෙසේ වුව ද මෙි පෘතුවියේ ගොඩබිම දැක දැකත් මහ මුහුදේ ජීවත්වන එකම මිනිස් සමාජය එයයි. ගොඩබිම දැක දැකත් අතිශය සීමිත අවශ්‍යතාවලින් තෘප්තිමත්වන මිනිස් සමාජය ද එයයි.

එතකොට සතුට ?

ලොව මානව විද්‍යාඥයන් පවසන්නේ පෘතුවියේ සතුටින්ම සිටින මිනිස් සමාජයන් අතරේ බජූ (BAJAU) මිනිස් සමාජය ද සිටින බවයි.

 

 

-ශානිකා රත්නායක-

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 08:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්