ධීවර යාත්‍රා අනතුරින් 4ක් මරුට. 2ක් අතුරුදන්
Related Articles
දකුණු මුහුදේදී අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් අතරින් සිව් දෙනෙකුගේ මළ සිරුරු අද (13) පස්වරුව වන විට නාවික හමුදාව සොයාගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ තවමත් අතුරුදන්ව සිටින සෙසු ධීවරයින් දෙදෙනා සොයා කිමිදුම්කරුවන් සහිත යාත්‍රාවක් යොදවා ඇති බවයි. මෙම ධීවර යාත්‍රාවේ ගැටුණු බවට සැලකෙන නෞකාව සම්බන්ධයෙන් ද විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.
මලිදු පුතා නමැති මෙම බහුදින යාත්‍රාව මුහුදු ගියේ පසුගිය එකොළොස් වනදායි. යාත්‍රාව අනතුරට පත්වන විට එහි ධීවරයින් හත් දෙනෙකු සිටියා. යාත්‍රාව අනතුරට පත්ව ඇත්තේ එදින රාත්රියේදීයි. නැවක ගැටීමෙන් අනතුර සිදුවූ බව සදහන්. මේ පිළිබදව ගාල්ල නාවික හමුදා කදවුරට ලැබුණු තොරතුරකට අනුව ධීවරයින් බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කෙරුණා. එහිදී එක් ධීවරයෙකු බේරා ගැනුණු අතර මියගිය ධීවරයින් හතර දෙනාගේ සිරුරු ගාල්ල වරාය පරිශ්‍රය වෙත රැගෙන එනු ලැබුවා. අතුරුදන් ධීවරයින් දෙදෙනා සොයා මේ වන විටත් නාවික හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.
දිවි බේරාගත් ධීවරයා,
පවුලේ අය,
මෙම අනතුරෙන් මිය ගිය පිරිස අතර බලපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24 හැවිරිදි වියේ පසුවූ අමිල පුෂ්පකුමාර හා ධනුෂ්ක මධුෂංක වනවා. ඔහු එක්දරු පියෙක්. ජීවිතක්ෂයට පත්වූ සෙසු දෙදෙනා අතරින් සිසිර සම්පත් 29 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙක්. අනතුරින් ජීවිතක්ෂයට පත් කමල් මෙන්ඩිස් 34 හැවිරිදි වියේ පසුවුණා. අනතුරෙන් මියගිය ධීවරයින් හතර දෙනාගේ සිරුරු පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදු කෙරුණා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment