Life+News The Official News Portal of Independent Television Network Ltd

කසළ තේ ජාවාරමක තොරතුරු හෙළි වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 14:04

කසළ තේ ජාවාරමක තොරතුරු හෙළි වෙයි

කසළ තේ කොළවලට වර්ණ ගන්වා අනර්ඝ තේ ලෙස ඇසුරුම් කරමින් බෙදා හැරීමේ ජාවාරමක තොරතුරු හෙළි කර ගැනීමට පොලීසියට හැකි වුණා.

මෙවැනි තේ තොග ප්‍රවාහනය කරමින් තිබූ සුඛෝපභෝගී වෑන් රථයක් උඩුනුවර වෙලන්බොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ඒ කසළ තේ කිලෝ 1020ද සමගයි. වෑන් රථයේ යට කොටසට කසළ තේ අසුරා ඊට උඩින් තරමක් හොද තේ කොළ අසුරමින් ඒවා ප්‍රවාහනය කරමින් තිබූ බවයි පොලීසිය පවසන්නේ. කසළ තේවලට පාට යොදා අලෙවි කරන තේ භාවිතය සෞඛ්‍යයට දැඩි ලෙස අහිතකර විය හැකි බව පොලීසිය පවසනවා. සැකකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි හෙළිව තිබෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 14:04
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්