Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ පිරිසක් අතරට මෝටර් රථයක් ධාවනය කිරීමෙන් නව දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 10:05

චීනයේ පිරිසක් අතරට මෝටර් රථයක් ධාවනය කිරීමෙන් නව දෙනෙකු ජීවිතක්ෂයට

චීනයේ හෙන්යැන්ග් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයක පිරිසක් අතරට මෝටර් රථයක් ධාවනය කිරීම හේතුවෙන් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හෙන්යැන්ග් නගරයේ පිහිටි බින්ජියෑන්ග් චතුරශ්‍රය ආසන්නයේදීයි අනතුර සිදුව ඇත්තේ. අනතුරින් පුද්ගලයින් හතළිහකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මෝටර් රථයේ රියදුරු හිතාමතාම මෝටර් රථය එම පුද්ගලයින් දෙසට ධාවනය කර ඇති බවටයි සැක පළ කෙරෙන්නේ. මෙය ත්‍රස්ත ක්‍රියාවක්ද යන්න මෙතෙක් හෙළි වී නැහැ. සැකකරු යෑන්ග් සැන්යොං ලෙස හදුනාගෙන තිබෙනවා. ඔහු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට චීන බලධාරීන් පියවර ගත්තා. සැකකරුට එරෙහිව මීට පෙර ද අපරාධ චෝදනා පවතින බවයි වාර්තා වන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 10:05
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්