Life+News The Official News Portal of Independent Television Network Ltd

මහින්ද භාරත රත්න සම්මානයෙන් පුදන්නට හේතුව මෙන්න

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 19:20

මහින්ද භාරත රත්න සම්මානයෙන් පුදන්නට හේතුව මෙන්න

දේශපාලන ගමන් මගේදී අභිමුඛ වන බලවේගයන් අනුව ගමන් මාර්ගය වෙනස් වීම සිදු විය හැකිය. එහෙත් අනෙක් බලවේගයක් ඇගේ හැප්පෙන හැප්පෙන වාරයක් පාසා තමන්ගේ ගමන් මඟ වෙනස් වන්නේ නම් එය අයාලේ යෑමක් විනා වෙනකක් නොවේ.

ලංකාවේ අද අයාලේ යන දේශපාලන ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන කණ්ඩායමයි. ඊට නමක් නැත. ඇත්තේ එක එක කල්ලි කණ්ඩායම් නිර්මාණය කර ගත් නම් ගොඩකි. මීළඟ ජනාධිපතිවරණය සදහා ඒ ඒ කල්ලි වලට වෙන වෙනම අපේක්ෂකයෝ සිටිති. ප්‍රතිපත්තිද ගොඩකි. අපේක්ෂාද ගොඩකි.

මේ සියලු දෙනා තම තමන්ගේ ඉෂ්ඨ දේවතාවා කරගෙන තිබෙන්නේ මහින්ද රාජපක්ෂවය. එහෙත් මහින්දටද ප්‍රතිපතියක් නැත. අපේක්ෂාවක්ද නැත. තියෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරය. රටට එකයි පිටරටට එකයි උත්තර දෙකකි.

මේ දිනවල ඉන්දියාවේ ගොස් ‘ද හින්දු’ පුවත්පත සමග සිදු කර තිබෙන සම්මුඛ සාකච්ඡාවට අනුව මහින්දගේ මේ දේශපාලන වියවුල පැහැදිලිය. මහින්ද පසුගිය කාලයේ ඉන්දියානු විරෝධීයෙකු විය. ඔහු චීනය සරණ ගියේය. අද ඉන්දියාව ඔහුව කැඳවා භාරත රත්න සම්මානයෙන් පුදන්නට යයි. මෙය යෝජනා කළේ ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලකයකු වන සුබ්‍රමනියම් ස්වාමිය. පැරණි භාරතයම තනි හින්දු ආගමික රාජ්‍යයක් බවට පත් කිරීමේ සිහිනයෙන් වෙළී සිටින්නකු වන සුබ්‍රමනියම් ස්වාමි කොහොමත් මැදමුලනේ හිතවතෙකි. ශ්‍රී ලංකා මුහුදේ ඉන්දීය ධිවරයන්ට මාළු ඇල්ලීමට ඉඩ දිය යුතුය යන්න ඔහු කාලයක් තිස්සේ කරන අරගලයකි. ඔහුට අනුව මේ රටේ මීළඟ ජනාධිපතිවරයා මහින්ද බව අද ඔහු නිකුත් කර තිබූ ට්විටර් පණිවිඩයක දැක්වේ. ඉන්දියාවේ භූ දේශපාලනික වුවමනාවන් සහ මහින්දව උත්කර්ෂයට නැංවීම අතර සම්බන්ධතාවක් නැතැයි කිසිවකුට කිව නොහැක.

ඒ කොහොම උනත් මහින්ද තමන්ගේ අනාගත දේශපාලනය ගැන හින්දු පුවත්පතට කරුණු කාරණා රැසක් කියා ඇත. බැසිල් රාජපක්ෂගේ පොදුජන පෙරමුණේ නායකත්වය ඔහු භාර ගනු ඇති බව කියයි. එසේම ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා තමන්ගේ සහෝදරයකු වන බවද කියයි. නාමල් රාජපක්ෂට 2019 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට වයස මදි වීමේ වේදනාවද ඔහු ප්‍රකාශයට පත් කර තිබේ.
මහින්දගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද යන්න ගැන මහින්දට පැහැදිලි උත්තරයක් නැත.

කොහොම නමුත් මහින්දගේ ඊනියා දේශප්‍රේමය, විජාතික විරෝධය, ජාතිවාදය කවරක් වුවත් මහින්ද තමන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් දැන් මත්තල ගුවන් තො‍ටුපොළ ඉන්දියාවට දෙනවාට විරුද්ධ නැත, එක්ටා ගිවිසුමට විරුද්ධ නැත. වත්මන් ආණ්ඩුව ඒවා හොඳට කරන බවත් කියයි. මහින්ද මේ රවටන්නේ තමන්ගේ පාක්ෂිකයාවය. බලයට ඇති කෑදරකම වෙනුවෙන් තමන් මත්තේ නැහෙන බත් බැලයන් වුව පාවාදෙන්නට රාජපක්ෂලා දෙවරක් සිතන්නේ නැති බව පැහැදිලිය.

බලය වෙනුවෙන් ප‍ටු ගෝත්‍රවාදී මානසිකත්වයෙන් කටයුතු කරන රාජපක්ෂලා පසුගිය කාලයේ ඉන්දියාව තරහා කරගෙන චීනය හා ගනුදෙනු කරන්නට ගත්තේද රට විකුණා හෝ තමන්ගේ මඩිය තර කර ගැනීමට පමණක් බව දැන් හෙළිවන සත්‍යයයි.

දැනට මේ ඇති සෙස්ස පස්සට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 19:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්