බ්‍රිතාන්‍යයේ චෝදනා රුසියාව තරයේ ප්‍රතික්ෂේප කරයි
Related Articles
මහත් ආන්දෝලනයට තුඩු දුන් රුසියාවේ හිටපු ඔත්තුකරු සර්ජි ස්ක්‍රිපල් සහ ඔහුගේ දියණිය විෂ ශරීරගත කිරීමෙන් ඝාතනයට තැත් කළ සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් රුසියා ජනාධිපතිවරයා අදහස් පළකර තිබෙනවා. සැකකරුවන් දෙදෙනා සාමාන්‍ය වැසියන් බවත් ඔවුන් අපරාධකරුවන් නොවන බවත් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කළා. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට සැකකරුවන් අපේක්ෂාවෙන් සිටින බවයි රුසියා ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ. ඇලෙක්සැන්ඩර් පෙට්‍රොව් හා රුස්ලන් බොෂිරොව් යන සැකකරුවන් රුසියා හමුදා ඔත්තු සේවයේ කටයුතු කරන බවට බ්‍රිතාන්‍යය හදුනාගෙන තිබෙනවා.
පසුගිය මාර්තු මාසයේදී බ්‍රිතාන්‍යයේ සැලිස්බරි හි පිහිටි නිවසේදී විෂ ශරීරගත කර සිටියදීයි රුසියාවේ හිටපු ඔත්තුකරු සර්ජි ස්ක්‍රිපල් සහ ඔහුගේ දියණිය සොයා ගනු ලැබුවේ. ඔවුන් රෝහල් ගත කිරීමෙන් පසු සුව අතට පත්වී පසුගියදා රෝහලෙන් පිටව ගිය බව එරට වාර්තා සඳහන් කරනවා. මෙම සිද්ධියත් සමග රුසියාව හා බ්‍රිතාන්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ද නිර්මාණය වුණා. බ්‍රිතාන්‍යයට සහාය පළ කරමින් රටවල් 20 කට වැඩි සංඛ්‍යාවක රුසියා රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීමට එම රටවල් කටයුතු කළා. ඇමෙරිකාව ද රුසියාවට නව සම්බාධක පනවන බව පසුගිය මාසයේදී ප්‍රකාශ කළා. බ්‍රිතාන්‍යය දිගින් දිගටම චෝදනා කළේ මෙම සිද්ධිය පිටුපස රුසියාව සිටින බවයි. කෙසේ වෙතත් රුසියාව මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment