Life+News The Official News Portal of Independent Television Network Ltd

කැටලෝනියාවේ ජාතික දින සැමරුම් උත්සවය උත්කර්ෂවත්ව

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 14:20

කැටලෝනියාවේ ජාතික දින සැමරුම් උත්සවය උත්කර්ෂවත්ව

කැටලෝනියාවේ ජාතික දින සැමරුම් උත්සවය උත්කර්ෂවත්ව පැවැත්වුණා. ලක්ෂයකට අධික පිරිසක් එම අවස්ථාවට බාසිලෝනා නගරයට රැස්ව සිටියා.

කැටලෝනියාවේ නිදහස වෙනුවෙන් සහාය පළ කරමින් දැවැන්ත රැළියක් ද සංවිධානකර තිබුණා. ස්පාඤ්ඤයෙන් නිදහස් වීම සඳහා දරණ ලද උත්සාහය අසාර්ථක වීමෙන් අනතුරුව කැටලෝනියාව ජාතික දිනය සමරන පළමු අවස්ථාව මෙයයි. සිරගත කර සිටින කැටලෝනියා ජාතිකයින් නිදහස් කරන ලෙසයි ජනතාව මෙහිදී ඉල්ලා සිටියේ. සිරගත කර සිටින කැටලෝනියා නායකයින්ට එරටට පැමිණීමට අවසර ලබා දෙන ලෙසද ජනතාව ඉල්ලා සිටියා. පසුගිය වසර 8 පුරාම කැටලෝනියා ජනතාව නිදහස වෙනුවෙන් සටන් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 14:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්