Life+News The Official News Portal of Independent Television Network Ltd

කාලගුණයේ අයහපත් බලපෑම පිලිපීනයට හා හොංකොංවලටත්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 12:26

කාලගුණයේ අයහපත් බලපෑම පිලිපීනයට හා හොංකොංවලටත්

පිලිපීනය සහ හොංකොං ඇතුළු ගිනිකොනදිග ආසියාවට දරුණු සුළි කුණාටුවක බලපෑම් එල්ලවී තිබෙනවා. සුළි කුණාටුව මංග්කට් ලෙසයි හදුන්වන්නේ.

කුණාටුව ඉදිරි දින දෙක තුළදී පිලිපීනයේ ලුසෝන් දූපතෙන් ඇතුළුවිය හැකි බවටයි කාලගුණ අංශ අනතුරු අඟවන්නේ. මේ හේතුවෙන් දරුණු ගංවතුර හා ආපදා තත්ත්වයක් ද ඇතිවිය හැකි බව වාර්තා වනවා. පැයට කිලෝමීටර් 252 ක වේගයෙන් කුණාටුව හමායනු ඇතැයි කාලගුණ අංශ පවසනවා. මෙය පස්වන කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් වනු ඇති බවයි ප්‍රකාශ කෙරෙන්නේ. පිලිපීනයට සහ හොංකොං දූපත්වලට මෙයින් වැඩි බලපෑම් ඇතිවිය හැකියි. මංග්කට් සුළි කුණාටුව , ඇමෙරිකාවට බලපෑ හැකි ෆ්ලොරෙන්ස් සුළි කුණාටුවටත් වඩා දරුණූ විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 12:26
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්