Life+News The Official News Portal of Independent Television Network Ltd

කල් ඉකුත් වූ භාණ්ඩවලින් තුරුම්පු හොයන ඒකාබද්ධයේ සීතල යුද්ධය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 18:53

කල් ඉකුත් වූ භාණ්ඩවලින් තුරුම්පු හොයන ඒකාබද්ධයේ සීතල යුද්ධය

තමන්ට ලැබුණු කොළ අතේ තුරුම්පු තිබුණට සෙල්ලම් කර දිනන්න නම් ඊට ශූර  දැනුමකුත් අවශ්‍යය. නියම වෙලාවේ  හරි තුරුම්පුව එළියට ඇදිය යුතුය.  නැත්නම් තුරුම්පු පාවිච්චි කළාට  කොළ අත දිනන්න  බැරිය. දේශපාලනයේ දි ද නියම වෙලාවට හරි තුරුම්පුව පාවිච්චි නොකොළොත් ජයග්‍රහණයන් ලැබීය නොහැකි ය.  තුරුම්පු හරියට පාවිච්චි කරන්න නම් සෙල්ලම හරියට දැන ගත යුතුය. දේශපාලනයේ දී ද නිවැරදී ශූර නායකත්වයක් නැතිනම් ලැබිය හැකි ජයග්‍රහණයක් නැත.

අද ඒකාබද්ධ විපක්ෂයට සිදුව ඇත්තේ  නිවැරදී ශුර නායකත්වයක් අහිමි වීමය.  මහින්ද රාජපක්ෂ තව දුරටත් ශූර දේශපාලන නායකයෙක් නොවේ. ඔහු දැන් කල් ඉකුත් වූ  භාණ්ඩයකි.   ඔහුට දේශපාලන දර්ශනයක් නැත. ප්‍රතිපත්තියක් නැත, වැඩපිළිවෙළක් නැත.. ව්‍යාජ ලෙස පුම්බා ගත් ප්‍රතිරූපයක් නඩත්තු කළ මහින්ද බොල් පිලිමයක් බව දැන් පැහැදිලි ය. ඔහුගේ මහින්ද චින්තනය හිස් ප්‍රලාපයක් බව ඔහුගේ පාලන සමයත් සාක්ෂිය.

2015 පරාජයෙන් පසුව කරන කියන විගඩම් අනුව මේ බව සක්සුදක් සේ පැහැදිලිය. විසුලුකාර නන්දෙඩවීම් පට්ටපල් බොරු කීම්වලින් දැන් මහින්දගේ චින්තනය පිරී තිබේ.  ඉතිහාසය පුරා රාජපක්ෂලා සිදුකළ අවස්වාථාදී මජර දේශපාලනය දැන් තැන් තැන්වල රස්තියාදු ගසමින් කෑමොර දෙන එක බවට පත්ව තිබේ.

නිවැරදි කොන්ද පණ ඇති ප්‍රතිපත්තියක් වැඩපිළිවෙළක් ඇති නායකයකු නැති වූ විට ඕනැම දේශපාලන ව්‍යාපරයක්  රස්තියාදු කල්ලියක් බවට පත් වීම අහම්බයක් නොවේ..

නායකත්වය අහිමි තැන  නායකත්වය සඳහා කල්ලි කන්ඩායම් ගොඩ නැගේ. රාජපක්ෂ පවුලේ  කල්ලි කණ්ඩායම්වල සීතල යුද්ධයට හේතුව මෙය ය. එහෙත් නායකත්ව අර්බූදය විසඳා ගන්න ගෝඨා, බැසිල්, චමල්, නාමල් ආදි ලෙස එක එක තුරුම්පු අද බෑවද රාජපක්ෂලා දිනුවේ නැත.

මේ අතර පසුගිය රාජපක්ෂ සමයේ දී සුදුව තිබෙන මහා පරිමාණ මුල්‍ය වංචා, මිනිස් ඝාතන සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින විමර්ශන හා අධිකරණමය කටයුතු රාජපක්ෂලාගේ දේශපාලන අනාගතයට සොහොන් ලකුණු පහළව තිබේ. රාජපක්ෂ බත්බැලයන් බිය වී සිටින්නේ තමන්ට ක‍ටු කැල්ල හෝ විසි කරන ස්වාමි පාර්ශ්වය නුදුරේම සිර ගෙවල්වලට ගාල් වේ යැයි සිතමිණි. පසුගියදා නැ‍ටු කොළඹ සන්නියේ වියරුවෙන් ප්‍රකාශයට පත් වූයේ ඒ වේදනාව හා බය ය.

ආණඩුව මේ වන විට සිදු කරගෙන යන සීග්‍ර සංවර්ධන ක්‍රියාවලිය නිසා රාජපක්ෂලාගේ බොරු සංවර්ධනය හෙළිදරව් වෙමින් තිබේ.  ගම් පෙරළිය, ග්‍රාම ශක්ති, ගම් උදාව, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා , වැව් ප්‍රතිසංස්කරණය ආදී මහ පරිමාන සංවර්ධන ක්‍රියාවලිය නිසා  රාජපක්ෂලාගේ ගමේ බලකො‍ටු විනාශ වෙමින් තිබේ.   ජාතිවාදයට එරෙහිව ගෙනයන සංහිඳියා වැඩපිළිවෙළ රාජපක්ෂලාගේ ජාතිවාදී පදනම් අහොසි වෙමින් තිබේ.

මේ නිසා රාජපක්ෂ කල්ලි කණ්ඩායම්වලට මේ ප්‍රගතිශීලී ජනතාවාදී දේශපාලනයට  මුහුණ දිය නොහැකිව තිබේ.  හැමදාමත් කළ බොරුව තක්කඩිකම මිස රාජපක්ෂලා සතුව අද අලුත් තුරුම්පු නැති බව දැන් පැහැදිලි ය.

 

දැනට මේ ඇති සෙස්ස පස්සට

 

-තත්පර 180 – 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 18:53
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්