Life+News The Official News Portal of Independent Television Network Ltd

ඒකාබද්ධයේ කිරිපැකට් බොරුවට ලොතරැයි මණ්ඩලයෙන් නීතිමය පියවර

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 18:38

ඒකාබද්ධයේ කිරිපැකට් බොරුවට ලොතරැයි මණ්ඩලයෙන් නීතිමය පියවර

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධයේ දී කිරි පැකට් ලබාදීමේ සිද්ධියට ජාතික ලොතරැයි මණ්ඩලයත් ඈඳා ගැනීමට දරණ උත්සාහය ජාතික ලොතරැයි මණ්ඩලය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. එම චෝදනාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ශමිලා පෙරේරා මහත්මිය ප්‍රකාශ කරන්නේ.

ඒකාබද්ධ විපක්ෂය පසුගියදා කොළඹ පැවැත්වූ විරෝධයේ අසාර්ථකත්වය වසා ගැනීමට ඔවුන් මේ වනවිට විවිධ ප්‍රකාශ සිදුකරමින් සිටිනවා. විරෝධයට සහභාගිවූ පිරිසට කිරි පැකට් ලබාදීම ද එම අසාර්ථකත්වය වසා ගැනීමේ උත්සාහයක් බව බොහෝ දෙනා පවසනවා. මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම සිද්ධියට සම්බන්ධ බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළද ඒ මහතා එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒකාබද්ධ විපක්ෂය සිදුකරන අසත්‍ය කිරිපැකට් සිද්ධිය තහවුරු කිරීම සදහා ඊයේ (11) මාධ්‍ය හමුවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ කිරි පැකට් බෙදාදීම සදහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වාහනයක් යොදාගෙන ඇති බවයි. එහෙත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මේ සදහා මුදල් අමාත්‍යාංශයේ වාහනයක් යොදාගෙන ඇති බවයි. මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ශර්මිලා පෙරේරා මහත්මිය අවධාරණය කළේ චෝදනාව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ලොතරැයි පත් අලෙවිය දිනපතා සිදුකිරීම මූලික වගකීමක් බව ලොතරැයි මණ්ඩලය පෙන්වා දෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ කිහිප දෙනෙකු ජාතික ලොතරැයි මණ්ඩලය යොදා ගනිමින් කුමන්ත්‍රණයක් සිදුකරන බවට හෙලිවී තිබෙනවා. ඒ හේතුවෙන් මෙම චෝදනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එම මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ඔලුව මහතා පවසනවා.

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයෙන් පසු කරලියට පැමිණි කිරි පැකට් සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළද විවේචන එල්ල වී තීබෙනවා.මේ අතර කිරි පැකට් සිද්ධිය මුල්කර ගනිමින් දකුණු පළාත් සභාව තුළද උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවුණා. ඒකාබද්ධ විපක්ෂයේ අසාර්ථකත්වය හමුවේ සිදුව ඇති ලැජ්ජාව වසා ගැනීමට සෑම ස්ථානයකම කටයුතු අඩපණ කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් ක්‍රියාකරමින් සිටිනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 18:38
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්