Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරකරු සැමරුම් දින පළමු කොඩිය ජනපතිට පළඳවයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 18:11

සිරකරු සැමරුම් දින පළමු කොඩිය ජනපතිට පළඳවයි

ජාතික සිරකරු දිනයට සමගාමීව ක්‍රියාත්මක කරන කොඩි සතියේ සමාරම්භය ජනාධිපති කාර්යාලයේ දී අද (11) පැවැත්වුණා. ඒ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

සෑම වසරකම සැප්තැම්බර් මස 12 වනදාට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමීව කොඩි සතියක් ක්‍රියාත්මකයි. ඒ  සිරගත වූවන්ගේ සුබසාධනය අරමුණුකර ගනිමින්. ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්වයි කොඩි සතිය පවත්වන්නේ. එහි සමාරම්භය සනිටුහන් කරමින් සංගමයේ ව්‍යාපෘති සම්බන්ධීකරණ ලේකම් ආර් ඒ ඩී සිරිසේන මහතා ජනාධිපතිතුමා වෙත පළමු කොඩිය පැළඳවූවා. සිරකරුවන් උදෙසා වෛද්‍ය සායන, ඇස් කණ්ණාඩි ලබාදීම, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු විවිධ ප්‍රජා සත්කාර ක්‍රියාත්මක කිරීම මේ ඔස්සේ සිදුකෙරෙනවා. අමාත්‍ය තලතා අතුකෝරල, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 18:11
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්