මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වූ නිසාම විදුලිපුටුව, යුද අධිකරණ වැනි දෑ ඉවත් කරගැනීමට හැකි වූ බව මධ්‍යම පළාත් ප්‍රධාන ඇමති සරත් ඒකනායක මහතා පවසනවා. ප්‍රධාන අමාත්‍යරවයා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීමේදීයී.
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක,
[ot-video type=”youtube” url=”https://youtu.be/PsK0IcpqlP8″]
මෙම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට ක්‍රියා කළ උදය ගම්මන්පිල / බැසිල් රාජපක්ෂ / දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රසන්න රණතුංග යන අය තම පක්ෂය ද විනාශ කිරීමට කටයුතු කරන බවයි.
ශ්‍රීලනිප තරුණ පෙරමුටණ් සභාපති -ශාන්ත බණ්ඩාර,
[ot-video type=”youtube” url=”https://youtu.be/wMrNU-K5k24″]
නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාර මහතාද මෙහිදී අදහස් දැක්වුවා. මෙම අවස්ථාවට කුරුනෑගල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් රැසක් සහභාගී වුණා.