මාධ්‍යවේදියකු සහ නිර්මාණශීලී ලේඛකයකු වන තිඹිරියාගම බණ්ඩාර තම පුවත් දිවියෙහි තිස් වසරක අත්දැකීම් අළලා ලියූ “ගිනිගත් දේශයක” කෘතිය ලබන 19 වන බදාදා ප.ව.4.00 ට ජනගත කිරීමට නියමිතයි.
ඒ බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා මාවතේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ සුගීශ්වර ශාලාවේදීයි.
මෙහි ප්‍රධාන දෙසුම “විකල්ප පුවත්පත් කලාවේ කාර්යභාරය” මැයෙන් ප්‍රවීණ සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක විසින් පවත්වනු ලබනවා.
ගුණසිරි සිල්වා, ආනන්ද ජයසේකර, අනුරසිරි හෙට්ටිගේ, ළහිරු කිතලගම සහ කපිල එම්.ගමගේ යන ලේඛකයෝ කෙටි දෙසුම් පැවැත්වීමට නියමිතයි.