11 වන ආසියා නෙට්බෝල් ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. සිංගප්පූරුවේ පැවති තරගාවලියේ අවසන් මහා තරගයේදී සත්කාරක සිංගප්පූරුව පරාජයට පත් කරමිනුයි ශ්‍රී ලංකාව ශූරතාව හිමි කර ගත්තේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළේ චතුරංගි ජයසූරියයි. ඇය ඇතුළු ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කිරීම විශේෂත්වයක්.
තරගාවලිය පුරා ගෝල මැෂිම ලෙස ක්‍රීඩා විචාරකයින් හැදින්වූ තර්ජනී සිවලිංගම් ක්‍රීඩිකාව නියෝජනය කළේ ද ශ්‍රී ලංකාවයි. ඇය අඩි හයයි අගල් දහයක උසකින් යුක්තයි. මෙම කණ්ඩායම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණි අවස්ථාවේ විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේදි ක්‍රීඩා අමාත්‍යාංශයෙන් විශේෂ උත්සවයක් පැවැත්වුවා. ඊට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියා.