Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆ්ලොරිඩාවේ මුල් පුටුවට එන්න ඉන්න ඩිසැන්ටින්ගේ “ඇමරිකානු කළු වඳුරා” – ඇන්ඩෲ ගිලම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 08:30

ෆ්ලොරිඩාවේ මුල් පුටුවට එන්න ඉන්න ඩිසැන්ටින්ගේ “ඇමරිකානු කළු වඳුරා” – ඇන්ඩෲ ගිලම්

” මම විශ්වාස කරනවා ෆ්ලොරිඩා ප්‍රාන්තය සහ එහි ඇති අතිශය පොහොසත් වාර්ගික විවිධත්වය බලාපොරොත්තු වන්නේ සියලු දෙනා එකට එක් කළ හැකි ආණ්ඩුකාරවරයෙක් මිස එකිනෙකා බෙදා වෙන් කරන කල්ලිවාදීන් හෝ ජාතිවාදීන් නොවන බව.”

මෙහෙම කියන්නේ මේ පහතින් ඉන්න පුද්ගලයා…

 

 

ඔහු ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ආණ්ඩුකාර සිහිනය අභියස සිටින “Andrew Gillum”. කවුද මේ ඇන්ඩෲ ගිලම් කියන්නේ??

ඇන්ඩෲ ඩී. ගිලම් ඇමරිකානු දේශපාලනඥයෙක්. ෆ්ලොරිඩා ප්‍රාන්ත අගනුවර වූ Tallahassee හි නගරාධිපතිවරයා ලෙස 2014දී පත් වන ඔහු 1979 ජූලි 26 වැනිදා මියාමි හි උපත ලබනවා. දරුවන් හත්දෙනෙකුගෙන් යුත් පවුලක චාල්ස් ගිලම් හ ෆ්‍රාන්ස් ගිලම්ට උපන් ඇන්ඩෲ අධ්‍යාපනය ලබන්නේ Gainesville උසස් පාසලෙන්. ඉන් පසුව ඔහු ෆ්ලොරිඩා කෘෂිකර්ම හා කාර්මික විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා. අවුරුදු 23දී තමන්ගේ උපාධියේ වැඩ අහවර කරන්න කළින් ඔහු දේශපාලනයට පිවිසෙනවා. Tallahassee නාගරික කොමිසමට පත් වුණ ළාබාලතම පුද්ගලයා වෙන්නෙත් ඇන්ඩෲ.

 

 

ඇන්ඩෲ ගිලම් Tallahassee නාගරික කොමිසමට පත් වූ පසු එහි පළමු තරුණ මධ්‍යස්ථානය  පිහිටුවීමට පියවර ගන්නවා. එය “Palmer Munroe” මධ්‍යස්ථානය  ලෙස නම් කර ඇති අතර Tallahassee තරුණ ප්‍රජාව සඳහා ආරක්ෂිත ස්ථානයක් බවට එය පත් කරනවා. එකී මධ්‍යස්ථානය මගින් ප්‍රතිසංස්කරණ යුක්ති ක්‍රියාදාම වැඩසටහන් වැරදිකරුවන් අනාවරණය කර ගැනීම හා නැවත වරක් එකී වැරදි සිදු නොවන ලෙස උපදේශනයන් සිදු කිරීම වැනි දේවල් මේ මගින් සිදු වුණා. Tallahassee නාගරික කොමිසමේ සාමාජිකයෙක්ව සිටියදීම ඔහු Tallahassee ආර්ථිකයට ඩොලර් මිලියන 5.6ක් උපයා දුන්නා. දේශීය ආර්ථිකයට රැකියා උත්පාද මාර්ග සකසා දුන්නා වගේම දේශීය ව්‍යවසායකයන්ට උපකාර කළා.

2014 වසරේදී ඔහු Tallahassee හි නගරාධිපතිවරයා ලෙස පත් වෙනවා. 

සිය ධුරයේ සිටියදී ඔහු Ban Box Campaign සඳහා සිය සහාය දැක්වූවා. මේ Ban Box ව්‍යාපාරය කියන්නේ  රැකියාවකට අයදුම් කරන සියලු අයදුම්කරුවන්ට සාධාරණ අවස්ථාවක් ලබා දිය යුතු බවට පත් වූ ව්‍යාපාරයක්. ඒ වගේම මධ්‍ය ආර්ථිකයක් හිමි ඇමරිකානු නගරවල ගමනාගමනය සඳහා ආයෝජකයන් කැඳවීම ඔහු අරඹනවා.

 

 

පසුගියදා මේ 39 හැවිරිදි නගරාධිපතිවරයා ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රාථමික මැතිවරණයෙන් ජයග්‍රහණය කළා. නොවැම්බරයේ පැවැත්වෙන මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ඔහු ඉන් සුදුසුකම් ලබා ගත්තා. උපදේශන සේවාවන් 1000ක්, නෛතික සමාජානුයෝජනය ඉහළ නැංවීමේ වැඩසටහන්, පොලිසිය හා ප්‍රජාව අතර බැඳීම ශක්තිමත් කරන වැඩපිළිවෙලක් ආදී දෑ ඔහු ක්‍රියාත්මක කළා.  ජාතික රයිෆල් සංගමය විසින් ප්‍රසිද්ධ ස්ථානවල තහනම් ගිනි අවියක් භාවිත කිරීම පිළිබඳ නඩුකරයක් සම්බන්ධයෙන් ගිලම් වඩාත් ක්‍රියාකාරීව කටයුතු කළා.

එළඹෙන මැතිවරණය සඳහා ඇන්ඩෲගේ දේශපාලන ප්‍රවේශය කොටස් කිහිපයක් ඔස්සේ විහිදෙනවා.

1. අපරාධ යුක්ති ප්‍රතිසංස්කරණය.
2. ආර්ථීකය හා රැකියා.
3. අධ්‍යාපනය.
4. පරිසරය.
5. ගිනි අවි සුරක්ෂිතභාවය.
6. සෞඛ්‍ය සේවා.
7. සංක්‍රමණය.
8. LGBTIQ සමානාත්මතාවය හා කාන්තා අයිතිවාසිකම්.

මේ කොහොම වුණත් මෑතකදී ඇන්ඩෲ මුහුණ දුන් ඉතාම නින්දිත සිදුවීමක් මෙහිලා සඳහන් කළ යුතු වනවා. ශතවර්ෂ ගණනාවක සිටම වර්ණබේදවාදය නම් සංකල්පය ඇමරිකාවේ රජයන මාතෘකාවක් බවට පත්ව තිබුණා. සුදු ජාතිකයන් සෑම විටම කලු සම සහිත මිනිසුන් වඳුරන්ට සමාන කිරීම සියවස් ගණනාවක සිටම සිදු වූ දෙයක්. රිපබ්ලිකන් පක්ෂ ආණ්ඩාකර අපේක්ෂක රොන් ඩිසැන්ටින් තමන්ගේ ප්‍රතිවාදියා වූ ඩිමොක්‍රටික් පාක්ෂික ඇන්ඩෲ ගිලම් ගේ ආර්ථික හැසිරවීම සම්බන්ධයෙන් “Monkey This Up” යවන වදන භාවිත කිරීම සම්බන්ධයෙන් ලෝකයම පිළීකුලෙන් කතා කළා. ඒ වගේම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ගිලම්ව නිර්දය ලෙස විවේචනය කර තිබුණා.

 

 

“ජනාධිපති ට්‍රම්ප් හෝ ඩිසැන්ටින් මා ගැන කතා කළ සියලු දේවල් ගැන කතා කිරීම මේ වෙලාවේ සුදුසු නැහැ. මොකද මම ඒ සම්බන්ධයෙන් කිසිසේත් වද නොවන නිසා. ඇත්තටම අප දැන් සිතිය යුත්තේ එළඹෙන මැතිවරණයේදී සියල්ලන්ට සමානව ජීවත් විය හැකි ෆ්ලොරීඩාවක් ගැන පමණයි”

සුදු කලු බේදය ගැන ඇමරිකාවේ දීර්ඝ සටන් පැවතුණා. ඒ වෙනුවෙන් ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ට සිය ජීවිතය ද අහිමි වුණා. මාටින් ලූතර් කිං ට තමන්ගේ ජීවිතයෙන් අකාලයේ සමු ගන්න සිදු වුණා. ඒත් ඔහු කිව්වා ” I HAVE A DREAM” කියලා. ඔහුගේ සිහිනය බරක් ඔබාමා සැබෑ කළා. මේ පැමිණ තිබෙන්නේ ලූතර් කිං ගේ ඒ සිහිනය නැවත වරක් සැබෑ වීමක්දෝ කියා සිතෙන තරමට ඇන්ඩෲ ගිලම් තමන්ගේ ශක්තිමත් හා විවෘත දේශපාලන ගමන ඉතාම දැනුවත් විදියට සිදු කරමින් සිටිනවා. දවසක ඇන්ඩෘ සම්බන්ධයෙන් මුළු ලෝකයම කතා කරන දිනයක් එන බව ඔහුගේ ක්‍රියාවන් අපට මනා ලෙස පෙන්නුම් කරනවා.  ඒ දවස එනතුරු මේ සටහන මෙතැනින් නිමා කරනවා.

 

– සුපුන් භාග්‍යා වීරකෝන් –

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 08:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්