29 වැනි උතුරු මැද පළාත් මළල ක්රීඩා උළලේ ශූරතාව දිනා ගැනීමට අනුරාධපුර දිස්ත්රික්කය සමත්වුණා. උතුරුමැද පළාත් ආන්ඩුකාර එම් පී ජයසිංහ මහතාගේ ප්රධානත්වයෙන් උතුරු මැද පළාත් මළල ක්රීඩා උළල අනුරාධපුර පළාත් ක්රීඩා සංකීර්ණයේ දී ආරම්භ වුණා. ඊට ක්රීඩක ක්රීඩිකාවන් 1500ක් පමණ එක්ව සිටියා. දින දෙකක් පුරා පැවති තරගාවලියේ ශූරතාව සත්කාරක අනුරාධපුර දිස්ත්රික්කය දිනා ගනිද්දී අනුශූරතාව හිමි වූයේ පොලොන්නරුව දිස්ත්රික්කයට යි. තරගාවලිය සංවිධාන කළේ උතුරු මැද පළාත් ක්රීඩා දෙපාර්තමේන්තුව යි.